කුළු බඩු ආනයනය තහනම් කරන්නට රජය පියවර ගැනීම හරහා කුළුබඩු ශේෂ්ත්රයේ විශාල ප්‍රගතියක් ලබා ගෙන ඇත.
ඒ අනුව එම වැඩපිළිවෙළ තුළින් සාර්ථක ප්‍රතිඵල මේ වෙනකොට අත්වෙලා තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය ඒ පී හීන්දෙණිය මහතා පවසයි. කොවිඩ් වසංගත තත්වය වුවද අනෙකුත් ශේෂ්ත්‍ර වල පසුබෑම් ඇති වුවත් කුළුබඩු ශේෂ්ත්රයේ විශාල ප්‍රගතියක් ලබා ගෙන ඇති බව ද ඔහු පවසයි.
2019 අපනයන අදායම බිලියන 63කි. 2020 එය බිලියන 73ක් දක්වා ඉහළ ගොස් ඇත . ගම්මිරිස් කුරුඳු ඉඟුරු කහ ආනයනය තහනම් කිරීම හරහාම බිලියන 2ක විදේශ විනිමය ඉතුරු කර ගැනීමට හැකි වී ඇත.
සමස්තයක් වශයෙන් බිලියන 11ක් පමණ ඉතුරු කර ගෙන ඇති බවත් මීට 2020 වසරේ ක්‍රියාත්මක කල වැඩසටහන් නොමිලේ පැළ ලබා දීම, යන්ත්‍ර සුත්‍ර ලබා දෙමින් ද්‍රව්‍ය වල ගුණාත්මක බව ඉහළ නැංවීම වැනි ගත ක්‍රියාමාර්ග මිට ඉවහල් වූ බව අධ්යක්ෂවරයා වැඩි දුරටත් පැවසුවේය.