ප්‍රජා පොලිස් ක්‍රමය මහජන ආරක්ෂක කමිටු ලෙස නව මුහුණුවරකින්

ලෝකයේ දියුණු රටවල අපරාධ වැළැක්වීම සහ විවිධ අපචාරී ක්‍රියාවන් වැළක්වීමේ අරමුණින් හඳුන්වා දෙන ප්‍රජා පොලිස් ක්‍රමය නව මුහුණුවරකින් අද එළිදක්වන බව පොලිසිය පවසයි.

මහජන ආරක්ෂක කමිටු ලෙස නම් කර ඇති නව සංකල්පය යටතේ මහජනතාව සහ පොලීසිය අතර ඇති අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

එහි සමාරම්භය මහරගම යොවුන් රඟහලේදී මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එමෙන්ම ඊයේ බස්නාහිර පළාත තුළ පැය 10ක් ඇතුලත සිදුකල විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 681 දෙනෙකු ඇතුළු සැකකරුවන් 1406 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් එම සැකකරුවන් 1,406 දෙනා අතරට අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 44 දෙනෙකුද අයත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.