ඉන්දික ශ්‍රී අරවින්ද
සමගි ජන බලවේගයේ පක්ෂයට සමගාමිව නව දේශපාලන සංධානයක් ආරම්භ කිරීමට දේශපාන පක්ෂ කිහිපයක් සුදානම් වෙයි.
සමඟි ජනතා සන්ධානය නමින් නව දේශපාලන සන්ධානයක් ළඟදීම ස්ථාපිත කරන බවයි එම ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ.
සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදසා සහතා හා මනෝගනේෂන් මහතා අතර විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
එළැඹෙන පළාත් සහ පළාත් පාලන මැතිවරණය මෙන්ම ඉදිරියේදී පාර්ලිමේන්තු මැතිවරණයට ද මෙම අලුත් සංධානය යටතේ තරඟ කිරීමට බලාපොරොත්තු වෙයි.
පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහය ලබා දුන් දේශපාලන පක්ෂවලට අමතරව තවත් සුළු දේශපාලන පක්ෂයන්හි සහය මෙම නව සන්ධානය සඳහා ලබා ගැනීමට සුදානම් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කලේ.
මෙම නව සංධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට හිමි වනු ඇති.