අශන්ති වරුනසුරිය
භාණ්ඩ 27ක මිල අඩු කිරීම සම්පුර්ණයෙන් පාරිභෝගිකයා මුලාවේ දැමීමක් බවත් පාරිභෝගිකයාට අදාල මිලට ඉල්ලීමේ අයිතියක් එකඟතා මිලක් හරහා නොලැබෙන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.
මෙය සම්පුර්ණයෙන් අමාත්‍යවරයාට කර කියා ගන්න දෙයක් නොහැකිව සිදු කරන මාධ්‍ය සංදර්ශනයක් බවත් සහනයක් ලබා දෙනවා නම් එය සැමට එක ලෙසට ලැබීමේ මාර්ගයක් ක්‍රියාත්මක විය යුතු බවද විතානගේ මහතා අවධාරණය කරයි.
එළඹෙන සඳුදා (08) සිට භාණ්ඩ 27ක මිල මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණකර ඇත. ඒ අනුව වෙළඳ අමාත්‍යාංශය පවසන්නේ මෙම භාණ්ඩ සතොස, සමුපකාර සහ කියු ෂොප් තුළින් මිලදී හැකි බවයි. මේ සම්බන්දයෙන් Colombo Gazette අප කල විමසුමට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ පාලන මිලක් සහිත භාණ්ඩ වලට එකඟතා මිලක් අවශ්‍ය නොවන බවය. විතානගේ මහතා පෙන්වා දෙන්නේ පාරිභෝගික අධිකාරියේ භාණ්ඩ මිල වලට අදාලව පවතින නීති අණ පනත් වලට ප්‍රකාරව එකඟතා මිලක් යටතේ පාරිභෝගිකයාට මෙම මිල සම්බන්දයෙන් නීතිමය පිළිසරණක් නොමැති බවය. එම නිසා පවසන මිලට භාණ්ඩ ලබා නොදුන්නොත් එය අදාල මිලට ඉල්ලීමේ අයිතියද පාරිභෝගිකයාගෙන් ගිලිහේ.
එමෙන්ම අදාල භාණ්ඩ ලබා ගත හැකි වන්නේ සතොස සහා සමුපකාර වලින් බව රජය දැනුම් දී තිබේ. ඊටද අදහස් දක්වමින් රංජිත් විතානගේ පවසන්නේ මෙකි වෙළඳසැල් සෑම ප්‍රදේශයකම නොමැති බවත් සහනයක් ලැබෙන්නේ නම් එය ඕනෑම කඩයකින් පාරිභෝගිකයාට ලැබෙන ලෙස කටයුතු සම්පාදනය විය යුතු බවත්ය.