මියුරි සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මිය අද අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මාසික රැඟුම ප්‍රසංගයෙන් මුල්වරට රංගනයෙන් එක් වූ ඇය මිරිඟුව චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් නිරූපනය කරමින් සිනමා රංගනයට ද අවතීර්ණ විය.

විරාගය, යුගාන්තය, යහළු යෙහෙළි, මංගල තෑග්ග, මාරුතය හා භවදුක යන චිත්‍රපටවල ඇයගේ රංගනය කැපී පෙනේ. එරබඳු මල්, දූ දරුවෝ, ගිරය, අසල්වැසියෝ යන ටෙලි නාට්‍යවල ඇයගේ රංගනය මෙරට මහත් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක්විය. දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.
මිය යන විට ඇයයේ වයස අවුරුදු 81කි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.