මියන්මාරයේ පාලනය හමුදාල යටතට ගැනීමට එරෙහි එරට උද්ඝෝෂණ ඉහල යමින් තිබේ.
එරට ප්‍රධාන නගරය වන වැංගොන් වෙත රැස්වූ විරෝධතා කරුවන් හමුදාවට බල කර සිටියේ හමුදා භාරයට පත් අවුන්සාන් සුචී ඇතුළු පිරිස නිදහස් කරන ලෙසයි.
හමුදා පාලනය ප්‍රතික්ෂේප කරන විරෝධතාකරුවන් ප්රජාතන්ත්රවාදයට ඉඩ දෙන ලෙස බළ කර සිටිති.
විරෝධතාකරුවන් මෙලෙස වීදි වලට රැස්ව සිටින්නේ පුද්ගල ඒකරාශීවීම් හා බළමුළු ගැන්වීම් වැලැන්වීමේ අරමුණෙන් හමුදා පාලනය විසින් එරට සමාජ මාධ්‍ය භාවිතය අවහිර කර ඇති පසුබිමකකයි.
අද දින එරට අන්තර්ජාල සේවා ද අවහිර කර ඇති බව නිළ නොවන වාර්තාවල දැක්වේ