ඉන්දික ශ්‍රී අරවින්ද
නිරෝධායන නීති නොතකා විරෝධතා පවත්වන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමේ වගකීම පොලීසිය සතු වගකීමක් බවත් එය වැලක්වීමට පොලිසිය අසමත් වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ මෙරට කොවිඩ් වෛරසය ව්‍යාප්තියට පොලිසියද වගකිව යුතු බවයි.
කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා මහජනතාවට ඒකරාශී නොවන ලෙසට කොපමණ ලෙස දැනුවත් කරනු ලැබුවත් එය නොතකා ක්‍රියා කරනවානම් එය පාලනය කිරීම සෞඛ්‍ය අංශයේ රාජකාරියක් නොවන බවත් එහි වගකීම සෞඛ්‍ය අංශය භාර නොගන්නා බවත් වෛද්‍ය හේරත් මහතා අවධාරණය කරයි.
මෙම විරෝධතා සංවිධානය කිරීම පිටුපස දේශපාලනය ඇති බැවින් ඔවුන්ගේද වගකීම මේ අවස්ථාවේදී එවැනි විරෝධතා සංවිධානය නොකර සිටීමයි. රට තුළ පවතින කොවිඩ් මර්දනය කිරීමේ එන්නත් ක්‍රියාවලිය කොපමණ සාර්ථකව සිදු කෙරුණත් එය අමතර ආරක්ෂාවක් පමණක් බව සියලුම මහජනතාව අවධානයට ලක් කළ යුතුව ඇත.
එබැවින් ආරක්ෂක අංශ මැදිහත් වී මෙලෙස මහජන විරෝධතා සංවිධාන ගතවීම මෙන්ම ඒකරාශී වීම වහාම නැවත්වීමට පියවර ගතයුතු බව ඔහු පෙන්වා දෙයි.
මේ සම්බන්දව කිහිප අවස්ථාවකදීම පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ දැනුවත් කිරීමට පියවර ගත් බවත් එහි ප්‍රගතියක් පෙන්නුම් නොකරන බවයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ.