ඉන්දියාවේ නිපදවන කොවිඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණයකර ඇත.
මේ යටතේ ලබන 15වැනිදා සිට ඉන්දියාවේ සීරම් ආයතනයේ නිපදවන කොවිෂීල්ඩ් එන්නතට අමතරව දකුණු කොරියාවේ එස් කේ බයෝසයන්ස් ආයතනයේ නිපදවන එන්නත සඳහා අනුමැතිය හිමිවනු ඇත.
අදාළ එන්නත් සඳහා අවසර හිමිවන්නේ හදිසි භාවිත එන්නත් ලැයිස්තුව යටතේය.