අහඹු ලෙස තෝරා ගන්නා පිරිසට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අද (සෙනසුරාදා) ගෝල් ෆේස් ඇතුළු ප්‍රදේශවල සිදුකරනු ලබන බව පොලීසිය පවසයි.
අද දින බස්නාහිර පළාතේ මත්ස්‍ය වෙළඳසැල්, පොදු වෙළඳපොලවල් සහ වෙනත් ප්‍රදේශවල විශේෂ මෙහෙයුමක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
විශේෂ මෙහෙයුමක් ලෙස මෙම ස්ථානවල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අද සිදුකරන බව ඔහු පැවසීය.
රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන විට නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දුර මගී බස් සේවාවලද ඇන්ටිජන් පරීක්ෂණ අද සිදුකරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බව සහතික කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන ද අද පරීක්ෂා කරනු ලැබේ.