කලාවට සමු දෙන්න සුදානම් වන නෙලූ දේවදූතයා ගැන කතා කරයි

සංගීතය තුල ජිවත් වන කලාකාමී පවුලක් වූ අධිකාරි පවුලෙන් මෙරට කලාවට දායාදා වූ කලාකාරිනියක් ලෙස අතුල අධිකාරි ගේ නැගණිය වූ නෙලූ අධිකාරී රටක් හදුනන රටක් ආදරය කරන චරිතයකි.

සොයුරු අතුල අධිකාරී සමඟ “බාලොලී බාලොලී”යන යුග ගීතය ගායනා කරමින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ඇය මේ වන විට ගීත 100 ට අධික ප්‍රමාණයක් ගයානා කර ඇති ගායිකාවකි. හලාවත මහවැව ප්‍රදේශයේ උපන් නෙලූ අධිකාරී මූලික අධ්‍යාපනය නිවුස්ටෙඩ් බාලිකා විද්‍යාලයෙන් ලබා ගෙන පසුව උසස් අධ්‍යාපනය මාරවිල කන්‍යරාමයෙන් සහ හලාවත ආන්නද විදුහලෙන් හදාරා ඇත.

ඇගේ මව ලලිතා මල්ලිකා සංගීත ගුරුවරියක් වූ අතර පියා කුමාරදාස අධිකාරී සංගීතය ප්‍රිය කළ කෙනෙක් බව සැවොම දන්නා දෙයකි. ඇගේ සොයුරු ප්‍රවීණ ගායක අතුල අධිකාරී ඇතුළු ඔහුගේ පවුලේ ඥාතින් ද වාදනයට හා ගායනයට දක්ෂයින් බව අමුතුවෙන් කිව යුතුද නැත. කපිල පුගලආරච්චි නම් වූ ජනප්‍රිය සංගීතවේදීයා සමඟ විවාහ වී දයාබර බිරිඳක් ලෙස හා දරුවන් දෙදෙනෙකුගේ දයාබර මවක් ලෙස සාර්ථක විවාහ ජිවිතයක් මේ වන විය ගෙවමින් සිටියි.

මෙකී ආදරණිය ඇය ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතාවන ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වන්නේ ඇය ආගම වෙනස් කිරීම ගැනය. ඊට අවැසිව ඇය කතා කරන වීඩියෝ පටයක්ද මේ දින වල පැතිරෙමින් තිබේ.

කොහොමවුණත් තමන් කලා ජීවිතය සහ බුදු දහම අතහැර යන බව ගායන ශිල්පී නෙලූ අධිකාරි සඳහන් කරයි. දේව දාසයන්ගේ පණිවිඩ තමනට ලැබෙන බවත් ඒ අනුව තමන් එම ආගම වැළඳ ගන්නා බවත් ඇය සඳහන් කරන්නීය. ආගමික නිකායක දේශනාවක් සිදු කරමින් ඇය මේ බව සඳහන් කර තිබේ. කාලයක් ඇය හෙම්බත්ව සිටි රෝගයක් සුවවීම බව ඇය පවසයි. ඉතින් ඇයට ආදරය කරන ඔබට කණගාටුදායක පුවතකුත් ඇය මෙලෙස කියන්නේ ඉදිරියේදී ඇය කලාවටද සමු දෙන්නට සුදානමින් සිටින බවත් එයත් දෙවියන්වහන්සේගේ පණිවිඩයක් බවත් සදහන් කරමිනි.

මෙරට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායිකාවක් වූ ඇයගේ හඬ පෞරුෂය ඉතා ප්‍රබලය. ඒ නිසා මෑතකදී සංවිධානය රසෝඝය, මියැසි ළමා තාරකා සංගීත ප්‍රසංග අමතක කල නොහැකි රසිකයාට බෙහෙවින්ම ලංවූ ප්‍රසංගය. නමුත්, “මට කලාව තුල කිසි ප්‍රියක් නැහැ මින් පසු ගායනා කරන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන් ” ඇය දැන් කලාව ගැන පවසන්නේ එවැන්නක්. කෙසේවෙතත් ඇයගේ දියණිය සහ පුතුද කල පවුලක අභාෂය එකලෙසට පිහිටමින් සංගීතය හදාරමින් යන අතර ඔවුන්ද සංගීතයේදී ගායනයට මෙන්ම වාදනයට උපන් හපන්කම් පෙන්වති.

නෙලුගේ මෙම කතාව වගේම ලංකාවේ ප්‍රවීණ ගායකයෙක් වන වික්ටර් රත්නායක මහතා තමන්ගේ නැතිවුණ හඬ දෙවියන්ගේ ආශිර්වාදයෙන් නැවත ලබාගන්නා වීඩියෝවකුත් සංසරණය වෙමින් පවතී.

  • අශ්වරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.