අද පස්වරුවේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු වෙනත් රටවල සමහර පරිශීලකයින් සඳහා ට්විටර් ගිණුම් අක්‍රිය වි ඇත.
ඉන්දියාවේ සමහර පරිශීලකයින් සඳහා ට්විටර් අක්‍රිය වී ඇති බව ඉන්දියා ටුඩේ වාර්තා කරයි. ඉන්දියාවේ පරිශීලකයින් 900 කට අධික සංඛ්‍යාවක හේ සම්බන්ධයෙටන් පැමිණිලි කර ඇත.
අද (සිකුරාදා) රාත්‍රී 8 සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පරිශීලකයින්ට ට්විටර් හරහා සිදුවන සේවාවල බාධා එල්ල වු බව ගල්ෆ් ප්රවෘත්ති වාර්තා කරයි.
සමාජ මාධ්‍ය වෙබ් අඩවි සහ ඒවායේ ගැටළු අධීක්ෂණය කරන වෙබ් අඩවියක් වන ඩවුන්ඩෙටෙක්ටර් වාර්තා කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාත්‍රී 8 සිට පරිශීලකයින් ට ගැටළු ඇති බවයි.