මේ වන විට ශ්‍රී ලංකාවේ 100,000 කට ආසන්න පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඔවුන් අතර බහුතරයක් තරුණ හා පාසල් ළමුන් ලෙස හඳුනාගෙන ඇති බව ඔහු පැවසීය. එහි ප්‍රථිපලයක් ලෙස පාසල් ළමුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වැළැක්වීම සඳහා විශේෂ දිගුකාලීන මෙහෙයුමක් දියත් කිරීම පිළිබඳව සාකච්ඡා කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් මහතා පැවසීය.
මහජන ආරක්ෂක හා අධ්‍යාපන අමාත්‍යාංශ අතර වැඩසටහන පිළිබඳව දැඩි සාකච්ඡාවක් අද පැවැත්වා ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස විශේෂ මෙහෙයුම ඇතුළත් කිරීම පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ඔහු පැවසීය. රටේ මත්ද්‍රව්‍ය උවදුර අවම කිරීම සහ පාසල් ළමුන් ආරක්ෂා කිරීම සඳහා නුදුරු අනාගතයේ දී මෙය දියත් කරන බව නියෝජ්‍ය පොලිස්පති පැවසීය.
අද පැවති සාකච්ඡාවේ මුලසුන හොබවන ලද්දේ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර, අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් සහ පොලිස්පති සී. වික්‍රමරත්න විසිණි. අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජිතයින්, ජාතික ශිෂ්‍යභට සංස්ථාව, ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මීට එක් විය.