පාකිස්තාන විදේශ අමාත්‍ය මක්දූම් ෂා මහමුද් කුරේෂි මහතා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා කර ඇත.
විදේශ අමාත්‍යවරුන් දෙදෙනා ද්විපාර්ශ්වික කරුණු සහ බහුපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ අදහස් හුවමාරු කර ගත් බව ශ්‍රී ලංකා පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ 73 වන ජාතික දිනය නිමිත්තෙන් විදේශ අමාත්‍ය කුරේෂි මහතා විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතාට උපහාර පිදූ අතර ශ්‍රී ලංකාවේ සහෝදර ජනතාවගේ අඛණ්ඩ ප්‍රගතිය සහ සමෘද්ධිය උදෙසා සුබ පැතුම් එක් කරමින් මෙලෙස සාකච්චා කර තිබේ.
දේශපාලන, වෙළඳ හා ආර්ථික ඇතුළු කොවිඩ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීම ඇතුළු සෑම අංශයකම ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ හා පුළුල් කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කර තිබේ.
විශ්වාසය, අන්‍යෝන්‍ය ගෞරවය සහ සමීප සහයෝගීතාවය මත පදනම්ව පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර විශිෂ්ට ද්විපාර්ශ්වික සබඳතා පවතින බව ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පවසයි.