කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් ලොව විශාලතම සිනමා උලෙළ ලෙස සැලකෙන සුප්‍රකට කෑන්ස් සිනමා උලෙළ පැවැත්වීම මෙම වසරේ ජුලි මාසය දක්වා කල්යන බව එහි සංවිධායකයින් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත් අවසන් තීරණයක් නොවුවත් මෙවර සිනමා උලෙළ පැවැත්වීමට තීරණය කර තිබෙන්නේ ජුලි මස 6 වනදා සිට 17 වනදා දක්වා කාලය තුළ බවයි සංවිධායකයින් වැඩිදුරටත් කියයි.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය වසරේද කෑන්ස් සිනමා උලෙළ කල්දැමුණ අතර එම මධ්‍යස්ථානය කොරෝනා රෝගීන් සදහා මධ්‍යස්ථානයක් බවටද පත් විය.