චීනය සහ ජපානය, සමුද්‍රීය කටයුතු පිළිබඳ 12වැනි ඉහළ පෙළේ සාකච්ඡාව පසුගියදා වීඩියෝ ක්‍රමයෙන් පැවැත්විණ.
මෙහිදී දෙපාර්ශ්වයන් එහිදී සමුද්‍රීය ගැටළු, සමුද්‍ර හුවමාරු සහ සහයෝගිතා පිළිබඳව පුළුල් හා ගැඹුරු ලෙස අදහස් හුවමාරු කර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
චීන විදේශ අමාත්‍යංශය, ජාතිකාරක්ෂක අමාත්‍යංශය, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු පිළිබඳ කාර්යාංශය, චීන ස්වභාවික සම්පත් අමාත්‍යංශය, චීන ජෛව පරිසර අමාත්‍යංශය යනාදී ආයතන සහ ජපාන විදේශ අමාත්‍යංශය, කැබිනට් ලේකම් කාර්යාලය, ජපාන ධීවර ඒජන්සිය සහ ජපාන පරිසර අමාත්‍යංශය යනාදී ජපාන ආයතන වල නිලධාරීන්හු එම සකච්ඡාවට සහභාගි වී ඇත.