අල්ලස් චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ටේරෂරීස් සමූහ අධ්යක්ෂ අර්ජුණ ඇලෝසියස් රුපියල් ලක්ෂ බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි මහාධිකරණ නියෝග කර ඇත.
අල්ලස් චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ටේරෂරීස් සමූහ අධ්යක්ෂ අර්ජුණ ඇලෝසියස් කොළඹ මහාධිකරණයේදී අද අධිචෝදනා පත්‍ර භාර දුන්නේය.
එහිදී ඔවුන්ට මෙලෙස ඇප ලැබිණි. 2016 වසරේ පෙබරවාරි 12 වන දා සහ එම වසරේ සැප්තැම්බර් 30 වන දා දක්වා කාලසීමාව තුළ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් නඩුවේ දෙවන විත්තිකරු වන අර්ජුණ ඇලෝසියස්ගේ නමට ලබාගෙන තිබූ මොනාර්ක් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවටයි හිටපු මුදල් අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇත.
මෙම නඩුවේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනුකර තිබෙන සමස්ත අධිචෝදනා සංඛ්‍යාව හයකි. නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 32 දෙනෙකු නම් කරනු ලැබ සිටිති. නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 58 ක් ඉදිරිපත් කර තිබේ.