අශන්ති වරුනසුරිය
ක්‍රීඩා අමාත්‍යවරයාගේ පූර්ණ බලය සහිත ක්‍රිකට් උපදේශන කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත.
පත් කිරීමට නියමිත මෙම නව ක්‍රිකට් උපදේශන කමිටුවේ සභාපති ලෙස වැඩ භාර ගැනීමට රොෂාන් මහානාම එකග වී තිබෙන බව වාර්තා වූ අතර ඉහතදීද මෙවන් යෝජනාවක් රොෂාන් මහානාමට ඉදිරිපත් කර තිබුණත් මෙතෙක් මෙවන් කමිටු හරහා කිසිවක් ක්‍රීඩාවට සිදු නොවීම පෙන්වා දෙමින් ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබිණි.
කෙසේවෙතත් මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂා මහතා සිය අමාත්‍ය බලය විෂය පථය සංවර්ධනය කිරීමය යොදවන බව පවසා තිබිණි. ඒ අනුව යම් වෙනසක් ඇති වනු ඇතැයි අපේක්ෂාවෙන් රොෂාන් මහානාම මිට එකඟවී තිබේ. නමුත් පසුව නැවතත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා පත් වූ මෙම තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවේ මූලික කාර්යභාරය වනුයේ අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු පිළිබඳව උපදෙස් ලබාදීමය.
ඒ පිළිබදව කලම්බෝ ගැසට් අප සිදු කල විමසීමේදී රොෂාන් මහානාම මහතා පැවසුවේ මාස දෙකක කාල සීමාවකට යොදා ගත් වෙනත් කටයුත්තක් සදහා පකිස්ථානයට යාමට සිදුවී ඇති බවය. එය වෙනස් කර ගැනීමට උත්සහ කලද එය අසාර්ථක වීම නිසා සභාපතිත්වය භාර ගැනීම ප්‍රතික්ෂේප කල බව ඔහු පැවසීය. ඔහු එලෙස සභාපතිත්වය ප්‍රතික්ෂේප කිරීමෙන් අරවින්ද සිල්වා ට මෙම ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන කමිටුවේ සභාපතිත්වය ලබා දී ඇත. ඒ අනුව මෙම තාක්ෂණික කමිටුවේ සාමාජිකයකු ලෙස රොෂාන් මහානාම කටයුතු කරන අතර මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර යන ප්රවිනයින්ද සාමාජිකයින් ලෙස කටයුතු කරයි.
එමෙන්ම අන්තර් ක්‍රීඩා සමාජ 2020/2021 ක්‍රිකට් තරගාවලි සමය ලබන මාර්තුවේ ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තිරණය කර ඇත. මේ අනුව අන්තර් ක්‍රීඩා සමාජ එක්දින හා පන්දුවාර විස්සයි විස්ස තරගාවලි ආරම්භ වේ. පසුගිය වසරේ වයස අවුරුදු 23 න් පහල ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග දෙක කොරෝනා වසංගතයේ සීග්‍ර ව්‍යාප්තිය නිසා නොපවත්වා අතහැර දැමු අතර එලෙස අතහැර දැමුණු අවසන් පූර්ව තරග දෙක ලබන 26 වනදා හා 28 වැනිදා පැවැත්වීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වේ.
මේ වන විට මෙම තරගාවලි සදහා එක්වන කණ්ඩායම් සදහා තරගාවලි ගාස්තුවෙන් සියයට 25 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙවා අවසන්ය. කොරෝනා සමයේ අභියෝග සමගින් කණ්ඩායම් පසුගිය සතියේ සිට සුපුරුදු ලෙස පුහුණුවීම් ආරම්භ කර තිබේ.