මහජනයාට සේවා සැපයීමේ කාර්යක්ෂමතාවය හා පලදායීතාවය ඉහළ නැංවීම සඳහාවිදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මඟ පෙන්වීම යටතේ විදේශ අමාත්‍යාංශය කොන්සියුලර් කාර්යාලයක් මහනුවර විවෘත කිරීමට කටයුතු යොදා ඇත.
පේරාදෙණිය ගැටඹේ මහින්ද රාජපක්ෂ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ පිහිටා ඇති ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය අමාත්‍ය ගුණවර්ධන මහතා විසින් විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොලම්බගේ මහතා විසින් විවෘත කිරීමට නියමිතය.
කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීමෙන් කොළඹ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයට නොයා මධ්‍යම පළාතේ හා යාබද ප්‍රදේශවල සිටින මහජනතාවට කොන්සියුලර් සේවා රාශියක් ලබා ගත හැකිය.