ඉන්දියාවෙන් අංගොඩ ලොක්කාගේ DNA සාම්පල් ඉල්ලයි

ඉන්දීය ජාතික විමර්ශන ඒකකය මගින් ශ්‍රී ලංකාවට අංගොඩ ලොක්කාගේ සමීපතම ඥාතියාගේ DNA සාම්පලයක් ලබාගෙන එවන ලෙසට දන්වා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටි. කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව අංගොඩ ලොක්කා ඉන්දියාවට පළාගොස් ඇත.

ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී ඔහු ඉන්දියාවේ කොයිම්බර්තූර් ප්‍රදේශයේදී මියගිය බවට වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් සනාථ කර ඇති අතර අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ව්‍යාජ හැඳුනුම්පතක් ලබා ගනිමින් ප්‍රදීප් සිං නමින් පෙනීසිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.