ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ මුල්පෙළ පිතිකරු ලහිරු තිරිමාන්නට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය ඉලක්ක කර ගනිමින් පුහුණුවීම් ආරම්භ කළ ක්‍රිකට් ක්‍රීඩකයින් 35 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
ලහිරු තිරිමාන්න ඉකුත්දා සදීර සමරවික්‍රමගේ විවාහ මංගල උත්සවයටද සහභාගි වී ඇත. ඒ අනුව ඊට එක් වූ සියළු දෙනාද මේ වනවිට ස්වයං නිරෝධානයට යොමුකර තිබේ. පවතින තත්ත්වය හමුවේ පැවැත්වීමට නියමිතව තිබු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයද කල් දැමීමටයි පියවර ගෙන ඇත.
ශාරිරික යෝග්‍යතා පරීක්ෂණ අසමත් වන කොන්ත්‍රාත්ගත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇත. ශාරිරික යෝග්‍යතාව නිසි ලෙස පවත්වා ගැනීම ක්‍රීඩකයින්ගේ වගකීමක් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද පවසා තිබිණි.
රීඩකයින් දිගින් දිගටම ආබාධවලට ලක්වූ අතර එම තත්වයන් මගහරවා ගැනීමටයි මෙවැනි පියවරක් සදහා යොමුවීමට ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.