ඇන්ටිජන් පරීක්ෂණ දිගටම

නිරෝධායන උපදෙස් කඩකරන පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් බස්නාහිර පළාත සහ කොළඹ නගරය ආශ්‍රිතව එම මෙහෙයුම් වැඩි වශයෙන් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.

මුඛ ආවරණ නොපැළඳීම සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් ඊයේ (04) දිනය තුළ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය ඔක්තෝබර් 20 වනදා සිට එම වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇති සමස්ත සංඛ්‍යාව 2997කි.

එමෙන්ම මුඛ ආවරණ නොපැළඳ සිටින පුද්ගලයින් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීම, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්නේදැයි පරීක්ෂා කිරීම, දුරගමන් බස්රථවල මගීන් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීම, පාසල් සහ පොදු ප්‍රවාහන සේවා රියදුරන් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීම, පොදු ස්ථානවල අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සහ PCR පරීක්ෂණ සිදුකිරීම ආදී කටයුතු අද දිනයේත් සති අන්තයේත් ක්‍රියාත්මක කරන බව ද පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.