මව් පදවියට සුදානම් වන පූර්ණිකා

දක්ෂ ප්‍රවීණ නිවේදකයෙකු මෙන්ම ගායකයකු වාදකයකු විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු වන පේෂල මනෝජ් සහ දක්ෂණ ජනප්‍රිය නිවේදිකාවක වන පූර්ණිකා පීරිස් මේ වන විට දෙමව්පියන්වීමේ සුදානමින් සිටි.

පුර්ණිකා ජනප්‍රිය නිළි චතුරිකා පීරිස්ගේ නැගණිය වන අතර ඇය දක්ෂ නර්තන ශිල්පිනියක්ද වේ. පේෂලා සහ පුර්ණිකාගේ මේ ගෙවෙන්නේ වසරක විවාහ සැමරුම් කාලයකි. ඔවුන්ගේ පළමු විවාහ උත්සවය වෙනුවෙනුත් බොහෝ පිරිස් සිය සුභ එක් කර තිබෙන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ දැක බලා ගත හැකිය.

ප්‍රවීණ ගායකයෙකු හා ඡායාරූප ශිල්පියෙක් වෙන කා අතරත් ආදරය දිනාගත් දයාන් විතාරණ මහතාත් ඔහුගේ නිළ ෆේස්බුක් ගිණුමේ පේෂල හා පුර්ණිකා දෙපළට මෙලෙස සුභ පතා තිබිණි. “ප්‍රවිණා තබ්ලා වාදන ශිල්පියෙක් ගායකයෙක් හා සංගීත අධ්‍යක්ෂකවරයෙක් වගේම දෙරණ නාළිකාව හරහා ජනප්‍රිය රූපවාහිනී නිවේදකයකු වන පේෂල මනෝජ් සහ ප්‍රවීණ ජනප්‍රිය නිවේදිකාවක වන පූර්ණිකා පීරිස් අද දින තම පළමු විවාහ සංවත්සරය සමරයි. ඔවුන් දෙදෙනාම දෙරණ නාළිකාවේ කැපී පෙනෙන දක්ෂ හා ජනකාන්ත චරිත යුගලක් වන අතර විශේෂයෙන්ම පේෂල කියලා කියන්නේ අපිට වඩා අමිල ගනයේ දස්කම් ඇති අන්තර්ජාතික මට්ටමේ තබ්ලා ශිල්පි වාදකයෙක්. ඇයත් මෙරට කීර්තිමත් කලා පවුලකින් පැවත එන ශිල්පිනියක් වගේම නිවේදනයට වගේම නර්තනයටත් බෙහෙවින් දක්ෂකම් දක්වනවා. මෙම සුබ පැතුම සමඟ මාගේ මෙම ඡායාරූපය ගනු ලැබුවේ 2019 වර්ෂයේ පෙබරවාරි 14 වෙනිදා ආදරවන්තයන්ගේ දිනය දවසේ වන අතර එදින අප හිතවත් නර්තන ශිල්පීනී අනුෂ්කා ඒකනායකගේ විවාහයේදී මම විසින් ගත් ඔවුන්ගේ මුළ්ම යුවළ ඡායාරූපය තිළිණ කරමි. ඉන් පසුව මට විටින් විට ඔවුන් හමු වූ අතර පේෂල පූර්ණිකා වගේම පුතු ආදිටත් තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවයෙන් තවත් බොහෝ කාලයක් දිවි ගෙවන්නට ආශිර්වාද කරනවා.”

අශ්වරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.