වෛශනී වෙල්රාජ්
වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් හෙට සිට හර්තාල් ව්‍යාපාරය දියත් කරන බව ලංකා කම්කරු කොංග්‍රසය පවසයි.
ලංකා කම්කරු සම්මේලනයේ (සීඩබ්ලිව්සී) උප සභාපති සෙන්තිල් තොන්ඩමන් කොළඹ ගැසට් පත්‍රයට පැවසුවේ වතු කම්කරුවන් සදහා දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරිමට වත්මන් රජය මගින් උපරිම උත්සහයක් ගත්තද වතු සමාගම් එම වැටුප් වැඩි කිරිමට අනුකුලතාවයක් නොදක්වන නිසා සමාගම්වල ආකල්පයට විරෝධය දැක්වීම සඳහා මෙම වර්ජනය සිදුකරන බවයි.
කොවිඩ් නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව ආරක්ෂක පියවරයන් අනුගමනය කිරීම සඳහා සියලු වතු කම්කරුවන් නිවසේ රැඳී සිටින බවත්, මේ සම්බන්ධයෙන් මහජන සහාය ලබාගෙන ඇති බවත් ඔහු පැවසීය.
එවන් තත්වයන් මත වතු සමාගම්වලට එරෙහිව මේ මස 05වන දින නුවරඑළිය දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ ගනනාවක හර්තාල් ව්‍යාපාරයක් පැවැත්විමට කටයුතු යොදා ඇත. එය සාර්ථක කර ගැනිම සදහා සියලුම වෙලද සැල් වසා දමා කුලි රථ ත්‍රිරෝධ රථ ධාවනයෙන් ඉවත් කර වතු කම්කරු ජනතාවගේ උන්නතිය උදෙසා සහය ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලිමක් ද කර තිබේ.