මෙරට ජනතාවගෙන් ලක්ෂ 90ක පිරිසකට ලබාදීමට අවශ්‍ය වන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබා ගැනීම සඳහා මේ වන විට ඉන්දියාවට ඇනවුම් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.
ඒ අනුව අවශ්‍ය එන්නත් ප්‍රමාණය පෙබරවාරි 15 වැනිදා සිට මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කර ඇත.
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට එක් ලක්ෂ 39,914 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එන්නත්කරණය ආරම්භ කෙරුණේ, ඉකුත් 29 වැනි දිනයි. එහි 7 වැනි දිනය අදයි. ඊයේ එන්නත ලබා දුන් පිරිසට 21,147 දෙකනෙක් ඇතුළත්ය.
පෙබරවාරි මස මැද භාගයවනවිට සාමාන්‍ය ජනතාවටත් එන්නත ලබා ගත හැකිවනු ඇතැයි රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඊයේ පැවසීය.
ඒ ගම සමඟ පිළිසඳර – වැඩ සමඟ යළි ගමට වැඩසටහන හා 2021 අය-වැය යෝජනා යථාර්ථයක්වන ජාතික සම්බන්ධීකරණ අනු කමිටු පිහිටුවීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) අරලියගහ මන්දිරයේ දී පැවැත්වූ සාකච්චාවට සහභාගී වෙමිනි. කොවිඩ්-19 එන්නත් ලබා දීම තීව්ර කරමින් ශ්‍රී ලංකාව එන්නත් ලබා දී අවසන් කළ පළමු රට වීම වැනි ඉලක්කයක් කරා ගමන් කළ යුතුව ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර තිබිණි.