Richmond Champions League T20 ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි 05, 06 සහ 07 යන දිනවල ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙය රිච්මන්ඩ් විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන අතර ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් බිහි වූ වයස අවුරුදු 25ට අඩු ජාත්‍යන්තර මට්ටමේ , ජාතික මට්ටමේ, පළමු පෙළ සහ වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් සැමුවෙල්, ට්‍රිග්ස් සහ හාට්ලීස් යනුවෙන් නම් කණ්ඩායම් තුනක් තරග වඳී.
වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස් සහ චරිත් අසලංක වැනි ජාතික මට්ටමේ ක්‍රීඩකයන්, තිලංග උදේශන, ධනංජය ලක්ෂාන්, සඳුන් මෙන්ඩිස්, තවීෂ අභිෂේක්, දිලුම් සුධීර, අම්ෂි ද සිල්වා වැනි වයස අවුරු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්, සිතාර ගිම්හාන්, හසිත මධුෂාන්, චමෝද් පියුමාල්, චාමිකර හේවගේ, අවිඳු තීක්ෂණ, ආදිත්‍ය සිරිවර්ධන වැනි පළමු පෙළ ක්‍රීඩකයන් ඇතුළු ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්ෂේත්රය තුළ ජාතික මට්ටමේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෝ රැසක් මෙම තරගාවලිය තුළ තරග වදිති.