තමා සිංහල බෞද්ධ නායකයෙක් බවත් එය ප්රකාශ කරන්නට තමා කිසිවිටෙකත් මැලි වන්නේ නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
කොළඹ නිදහස් චතුරස්රයේ දී අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුමට එක්වෙමින් අද (04) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති , “මම මේ රට පාලනය කරන්නේ බෞද්ධ ඉගැන්වීම්වලට අනුවයි. සෑම ආගමකටම, සෑම ජාතියකටම නිසි ගෞරවය ලබා දෙන අවිහිංසාවාදී සාමකාමී බෞද්ධ දර්ශනය තුළ සෑම ආගමිකයෙකුටම සහ සෑම ජාතිකයෙකුටම රටේ පවතින නීති රාමුව තුළ එක හා සමාන නිදහස භුක්ති විඳීමේ අයිතිය තියෙනවා. මම රටේ ජනතාවගෙන් සෑම විටම ඉල්ලා සිටින්නේ විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට කියලා,” යනුවෙන් ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම පාස්කු ප්රහාරයට සම්බන්ධ සෑම පාර්ශ්වයකටම එරෙහිව පියවර ගැනීමට කටයුතු කරනු ලබන බවද ජනාධිපති අවධානය කළේය.