ETI අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අධිචෝදනා

නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් ස්වර්ණමහල ජුවලර්ස් පුද්ගලික සමාගමේ සහ ඊටීඅයි ෆිනෑන්ස් හි හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත.

නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබුවේ කොළඹ මහාධිකරණයේ බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරී රජයේ නිතිඥ නිෂාරා ජයරත්න Colombo Gazette වෙත පැවසුවාය .

වලංගු බලපත්‍රයක් නොමැතිව මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ චෝදනාව මත මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ඔවුන්ට  අධිචෝදනා ගොනු කර ඇති බව ඇය පැවසුවාය.

ජීවක, අසංකාසහ දීපා එදිරිසිංහ යන අය ජනවාරි 05 වන දින අත්අඩංගුවට ගත් අතර, ඊට පසුදින  නාලක එදිරිසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර විය.

මුදල් හා ව්‍යාපාර පනත යටතේ අයථා ලෙස පරිහරණය කිරීම, වංචා කිරීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කරන ලදී.

හිටපු අධ්‍යක්ෂවරුන්ට රු. බිලියන 13.7 ක්, අරමුදල් අයථා ලෙස පරිහරණය කිරීම සහ මුදල් විශුද්ධිකරණය සමබන්ධයෙන් චෝදනා එල්ල විය.

ඊටීඅයි ෆිනෑන්ස් හි අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවකින් පෙනී ගියේ ඊටීඅයි ආයෝජන ආරම්භයේ සිටම ඔවුන්ගේ හැසිරීමේ නිසි ක්‍රියා පටිපාටීන් අනුගමනය කර නොමැති බවයි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුව 2021 ජනවාරි 15 ​​වන දින ETI මූල්‍ය අධ්‍යක්ෂවරුන් සිව්දෙනාට ඇප ලබා දුන්නේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.