ළහිරු තිරිමාන්නට සහ ප්‍රධාන පුහුණුකරුවකු වන මිකී ආතර්ට කොවිඩ් වෛරසය ආසාධනය වී ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොරෝනා වැළඳීමේදී රජය විසින් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය නීති වලට අනුව ඔවුන් දෙපළ දැනුවත් කර ඇත.
සිදු කල පිසිආර් පරීක්ෂණ තහවුරු වී ඇත. කොදෙව් සංචාරය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා සංචිතය ඉකුත් ජනවාරි 28 වැනිදා සිය පුහුණුවීම් ආරම්භ කළඅතර ඊයේ (02 වැනිදා) සිදුකරන ලද පී. සී. ආර්. පරීක්ෂණවල වාර්තාවන්වලට අනුව මොවුන් දෙපළට වෛරසය ආසාධනය වී තිබෙන බව අනාවරණය වී තිබේ.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග සංචාරයට සහභාගිවීම සදහා සූදානම් වෙමින් සිටින ක්‍රීඩකයින් 36 කුගෙන් සමන්විත තාවකාලික ශ්‍රී ලංකා සංචිතයට ලහිරු තිරිමාන්න ඇතුලත්ව සිටි.