ලබන සතිය වන විට සාමාන්‍ය ජනතාවටත් කොවිඩ් එන්නත

පෙබරවාරි මස මැද භාගය වනවිට සාමාන්‍ය ජනතාවටත් එන්නත ලබා ගත හැකිවනු ඇතැයි රාජ්‍ය අපේක්ෂා කරයි.

රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ සෞඛ්‍ය වෘත්තිකයන් ද මහජනතාව ද කොවිඩ්-19 එන්නත ලබාගැනීම සම්බන්ධයෙන් උනන්දුවන බව අමාත්‍යවරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කර ඇත.

ඒ අනුව පෙබරවාරි මස මැද භාගයවනවිට සාමාන්‍ය ජනතාවටත් එන්නත ලබා ගත හැකිවනු ඇතැයි රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි.

කොවිඩ්-19 එන්නත් ලබා දීම තීව්‍ර කරමින් ශ්‍රී ලංකාව එන්නත් ලබා දී අවසන් කළ පළමු රට වීම වැනි ඉලක්කයක් කරා ගමන් කළ යුතුව ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය. ගම සමඟ පිළිසඳර – වැඩ සමඟ යළි ගමට වැඩසටහන හා 2021 අය-වැය යෝජනා යථාර්ථයක්වන ජාතික සම්බන්ධීකරණ අනු කමිටු පිහිටුවීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එහිදී මෙය සාකච්චා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.