ටයිල් ඇතුළු සෙරමික් නිෂ්පාදන ආනයනය සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ලිහිල් කරමින් ඊයේ (02) දිනයේ දී නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව කටයුතු කිරීම වළක්වාලමින් “ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව” විසින් නව මෙහෙයුම් උපදෙස් නිකුත්කර තිබේ.
ඊයේ (02) නිකුත් කරන ලද අංක 2213/8 අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් අංක 03 හා 04 රෙගුලාසි ක්‍රියාවට නැංවීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා රේගුවට සහ සියලූම වාණිජ බැංකුවලට දැනුම් දී ඇත.
ඊයේ (02) මුදල් අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත්කර තිබු ගැසට් නිවේදනයක් මගින් සෙරමික්/ටයිල් නිෂ්පාදන ආනයනයට පනවා තිබූ සීමා ලිහිල් කෙරිණි.