දඹුල්ලේ එළවළු තොගමිල 40%කින් පහතට

තොග වෙළෙදුන් අඩුවීම සහ උතුරේ එළවළු ‌තොග විශාල වශයෙන් ලැබීම හේතුවෙන් පසුගිය සතියට සාපේක්ෂව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොගමිල අද (03) දිනයේදී සියයට හතලිහකින් පහත වැටී ඇත.

පසුගිය සතියේ සෑම එළවළුවකම තොග මිල රුපියල් දෙසීය ඉක්මවා තිබුණු අතර එය බෝංචි කිලෝවක තොග මිල රුපියල් 230 ත් 280ත් අතර විය. අද දිනයේදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 100 දක්වා පහත වැටී ඇත.

හෙට නිවාඩු දිනයක් හේතුවෙන් එළවළු මිලදී ගැනීමට පැමිණෙන බොහෝ දෙනාගේ අඩුවීම එළවලු මිල අඩුවීමට තවත් හේතුවක් බව ද පැවසේ.

ආර්ථික මධ්‍යස්ථානයට අමුමිරිස් තොග ද වැඩිවශයෙන් ලැබීම නිසා කිලෝව රුපියල් 750 දක්වා අඩුවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.