වෛශනී වෙල්රාජ්
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සිදුකරන කර්මාන්ත ශාලාවක අද (03) උදෑසන මෙම ගින්න මේ වනවිට මැඩපවත්වා තිබේ. ඒ අනුව ගින්නෙන් සිදුවූ බලධාරීන් තක්සේරු කරමින් සිටී.
නිදහස් වෙළඳ කලාප සහ සාමාන්‍ය සේවා සේවක සංගමයේ ඒකාබද්ධ ලේකම් ඇන්ටන් මාකස් කොළඹ ගැසට් පත්‍රයට පැවසුවේ අද පෙරවරුවේ ප්‍රතිචක්‍රීකරණ භාණ්ඩ කර්මාන්ත ශාලාවක ගින්න හටගෙන ඇති බවත් ගින්න පාලනය කර ඇති බවත්ය.
මේ අතර ගින්නෙන් ප්‍රතිචක්‍රීකරණ භාණ්ඩ කර්මාන්ත ශාලාවට පමණක් හානි සිදුවී ඇති අතර වෙනත් කිසිදු ගොඩනැගිල්ලකට පැතිරී නොමැති බව පොලිසිය පවසයි. කටුනායකයට අනුයුක්ත ගුවන් හමුදාව සහ පොලිසිය සහ ප්‍රදේශයේ ගිනි නිවන හමුදාව එක්ව ගින්න පාලනය කර ඇති බව ඔවුහු පැවසූහ.
ඒ අනුව ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා ගිනි නිවීමේ ඒකකය, මීගමුව නගර සභාව, පොලීසිය මෙන්ම ගුවන් හමුදාව ද එක්වු බව කටුනායක පොලීසිය පැවසීය. එම කටයුතු සඳහා ගිනි නිවීමේ රථ 08ක් යොදාගත් බව ද පොලීසිය සඳහන් කළේය. අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ කර්මාන්ත ශාලාවේ කසළ පිළිස්සුම් ස්ථානයකින් ගින්න හටගෙන ඇති බවට සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.