මියන්මාර වැසියන් හමුදාවට එරෙහිව දැඩි විරෝධතාවල

හමුදා පාලනයට එරෙහිව නිහඬව සිය විරෝධය පළ කළ මියන්මාර වැසියන් මේවනවිට හමුදා පාලනයට එරෙහිව දැඩි මහජන විරෝධතා ගොඩනගමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව හමුදා පාලනයට එරෙහි මහජන විරෝධතාවල පෙරමුණ ගෙන සිටින මියන්මාරයේ සෞඛ්‍ය අංශ සාමාජිකයින් එරට නගර රැසක සෞඛය අංශ වැඩවර්ජනයක් කැඳවමින් ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.

මියන්මාරයේ නගර රැසකට තවදුරටත් හමුදා සාමාජිකයින් යොදවා ඇත. හමුදා පාලනය විසින් මියන්මාරය තුළ නව මැතිවරණ කොමිසමක් පිහිටුවා ඇති අතර නව පොලිස් ප්‍රධානියෙකු ද පත් කර ඇති බවයි වාර්තා වේ. ඒ සඳහා මියන්මාරවේ සිවිල් ක්‍රියාකාරීන් ද එක්වෙමින් සිටිති. හමුදා පාලනයට නතුවී දින 02 ක් ගතවන තුරුම මියන්මාර වැසියන් හමුදාවට සිය විරෝධය පළ කළේ සමාජ මාධ්‍ය භාවිත කරමිනි.

මියන්මාරයේ හටගෙන ඇති තත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී 02 ඊයේ සාකච්ජා කර තිබිණි. ලොව රටවල් රැසක් මියන්මාරයේ සිදුවු හමුදා කුමන්ත්‍රණය දැඩි ලෙස හෙළා දැක තිබේ. අමෙරිකාව පවසන්නේ, මියන්මාරයට එරෙහිව හමුදා සම්බාදක පනවන බවයි. ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා මියන්මාරයේ තත්වය පිළිගත නොහැකි බව ඊයේ සඳහන් කළාය. මියන්මාර ජනාධිපති කැබිනට් මණ්ඩලය හා ප්‍රජාතන්ත්‍රවාදී නායක අවුන් සාන් සුකී මේ වන විට නිවාස අඩස්සියට පත්කර තිබේ.

ඉකුත් නොවැම්බර් මස පැවති මියන්මාර මහ මැතිවරණයේ දී රජයක් පිහිටුවීමට අවුන්සාන් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වු ජාතික ලීගයට හැකිවිය. හමුදාවේ ආධාර ලැබූ එරට විපක්ෂයට අත්වූයේ දරුණු පරාජයක්. හමුදාව සහ විපක්ෂය චෝදනා කළේ එම මැතිවරණය වංචනික හා දූෂිත එකක් බවයි. ඊ‍යේ හමුදා කුමන්ත්‍රණය ක්‍රියාත්මක වූයේ මහමැතිවරණයෙන් පසු ඇති වු අර්බුදයේ උච්චතම අවස්ථාව ලෙසයි.

මියන්මාර හමුදාව නිවේදනයක් නිකුත් කරමින් වසරක හදිසි නීතිය අවසන් වීමෙන් පසු නව මැතිවරණයක් පවත්වන බවත් රාජ්‍ය බලය යළි අලුතින් පත් වන නව රජයට ලබාදෙන බවත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.