අශන්ති වරුනසුරිය
විදෙස්ගතව සිට මෙරටට පැමිණ රැකියා නොමැතිව සිටින පුද්ගලයින්ට රුපියල් 100,000ක දීමනාවක් රුපියල් 50,000ක පොළී රහිත ණයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ලබාදීමට යෝජනා කර ඇත.
අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතාද මෙය සිදු කිරීමට උපදෙස් ලබා දී ඇති අතර කාර්යාංශය පවසන්නේ එවැනි ශ්‍රමිකයින් අදාළ රටේ කොන්සියුල කාර්යාලයේ ලියාපදිංචි වී තම ගැටලුව ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවය.
එමෙන්ම මෙරටට පැමිණීමට ගුවන් ටිකට් පත් ලබා ගැනීමට නොහැකිව සිටින විදෙස්ගත ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්ට ගුවන් ටිකට්පත් ලබාදීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මේ වන විට රැකියා අහිමිවෙලා ලංකාවට පැමිණෙන විදේශීය ශ්‍රමිකයින් වෙනුවෙන් කාර්යාංශය මගින් රුපියල් 50,000ක් ලබා දෙන අතර එය මෙලෙස ලක්ෂය දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇත.