ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) මහත්මිය අද (02) විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
විදේශ අමාත්‍යාංශයේ දී සිදු වූ මෙම හමුවට කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාද සහභාගී විය.
ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික කටයුතු හා ආර්ථික කටයුතු ඇතුළු දෙරටට වැදගත් වන කරුණු රැසක් මෙම හමුවේ දී සාකච්ඡා කෙරුණු බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.