වෙන්නප්පුව ධීවර වරායේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතින බව අමාත්‍යංශය පවසයි. රුපියල් ලක්ෂ 2357ක වියදමෙනුයි වෙන්නප්පුව ධීවර වරාය ඉදි කෙරේ.
අක්කර විසිතුනක භූමි ප්‍ර දේශයක ඉදිවන මෙම ධීවර වරායෙහි එකවර බහුදින යාත්‍රා දෙසිය හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් රදවා ගත හැකි ත ටාකාංගනයකින් සමන්විතය.
ප්‍රවිෂ්ඨ මාර්ගය ද කාපට් අතුරා සංවර්ධනය කෙරෙන අතර පරිපාලන ගොඩනැගිල්ලක්, දැල් සැකසීමේ ස්ථානයක් ප්‍රධාන මත්ස්‍ය වෙළෙදකුටියක් සහ නිල නිවාස ඇතුළු අංග සම්පූර්ණ පහසුකම් රැසකින් සමන්විතව මෙම වෙන්නප්පුව ධීවර වරාය ඉදි කෙරේ.
මෙහි වැඩකටයුතු ලබන අප්‍රේල් මාසය වන විට අවසන් කිරීමට නියමිතය.