හිටපු කථානායකවරයෙකු වන වී. ජ. මු ලොකුබණ්ඩාර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ඒ අනුව මේ වනවිට ඒ මහතාව ප්‍රතිකාර සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 968 දෙනෙකු අද (02) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 59,043ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 65,000 සීමාවට ආසන්න වී තිබේ. ඒ ඊයේ (01) දිනයේ හඳුනා ගැණුනු නව ආසාදිතයින් 826 දෙනාද සමගය. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 64,983කි.