කොවිෂීල්ඩ් එන්නත ගැන විශේෂ පර්යේෂණයක්

මෙරට තුළ භාවිතයට ගන්නා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීමෙන් පසු ප්‍රතිදේහ වර්ධනය වන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය පර්යේෂණයක් ආරම්භ කර තිබේ.

එම පර්යේෂණය යටතේ අදාළ එන්නත නව කොරෝනා ප්‍රභේදයන්ට එරෙහිව ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන්ද සොයාබලන බවයි එම ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළේ.

මෙම පර්යේෂණයේ වාර්තාව මසක් ඇතුළත ලබාදීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියා. සෑම මසකට දෙවරක් සිදුකරනු ලබන නව ප්‍රභේද හඳුනාගැනීම සඳහා වන ජාන විශ්ලේෂණාත්මක පර්යේෂණය පෙබරවාරි මාසයට අදාළව හෙට (03) දිනයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය තුළ සිදුකිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.