මෙරට මත්ද්‍රව්‍ය ලොක්කෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව සැක කෙරෙන කිඹුලා ඇළේ ගුණා සමග ඔහුගේ පුත්‍රයා සහ පාතාල වෙඩික්කරුවෙකු ලෙස සැලකෙන බුම්මා නැමති පුද්ගලයා ඉන්දියාවේ චෙන්නායි නුවරදී චෙන්නායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ නගර සභා පිටියේදී 1999 දෙසැම්බර් සම 18 වනදා පැවැති මහජන රැස්වීමකදී ජනාධිපති අපේක්ෂිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කරගනිමින් එල්ලවූ මරාගෙන මැරෙන කොටි ප්‍රහාරය සම්බන්ධයෙන් සිත්තයියා ගුණසේකරම් නොහොත් කිඹුලා ඇළේ ගුණා අත්අඩංගුවට ගැනීමට නියම වී තිබිණි.

ඒ අනුව රහස් පොලීසිය සොයමින් සිටියදී ඔහු හොර රහසේ ඉන්දියාවට පළාගොස් තිබුණු බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.