රාගම රෝහලේ සේවය කරමින් සිටි තරුණ වෛද්‍යවරයෙකු කොවිඩ් -19 වැළඳී මියගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. මෙම මරණය මෙරට මරණයට පත්වූ පළමු වෛදවරයා සහ පළමු සෞක්‍ය නිලධාරියා වේ.
වෛද්‍ය මරණය වාර්තාවේ කොවිඩ් ආසාදනය වීමෙන් පෙනහළු ක්‍රියාකාරීත්වය අඩපණ වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ එක්මෝ යන්ත්‍රයට සවිකර විශේෂ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා මෙලෙස අද (2) උදෑසන මියගියේය.
නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබා චීනයේ ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ ඔහු රෝගාතුරවන විට රාගම ශික්ෂණ රෝහලේ සේවය කල ඔහු 32 හැවිරිදිය. රාගම රෝහලේ සිට කොළඹ IDH රෝහලට ප්‍රතිකාර සඳහා යොමු වෙමින් තිබියදී මිය ගොස් ඇත.
තවත් කොවිඩ් මරණ 7ක් ඊයේ වාර්තා විය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 323කි.
මෙලෙස මියගොස් ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවක්, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක් සහ ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.