මේ මස 7 දක්වා රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල මෙන්ම, නිවෙස්වල ජාතික කොඩිය ඔසවා තබන ලෙස රජය ඉල්ලයි.
ජාතික උත්සවය සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින්, අභිමානවත් අයුරින් පවත්වන බව, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය. මෙවර 73වන ජාතික නිදහස් සැමරුම් උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීමට සුදානම් කර ඇත
මෙවර නිදහස් දින සැමරුම් පෙළපාලිවලට සහභාගි වන සියළුම භට පිරිස් PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කරන බවත් සෞඛ්‍ය ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.
නිදහස් දිනය වෙනුවෙන් සැකසුණු විශේෂ රථවාහන සැලැස්මට සහය වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටීයි. 73 වැනි නිදහස් දින සැමරුම් උළෙල පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවේ දී මේ ඉල්ලීම කෙරිණ.