තණමල්විල ගංජා වවන්න ජනාධිපතිගේ අවධානය

                                                                                              ඉන්දික ශ්‍රී අරවින්ද

තණමල්විල ප්‍රදේශයේ කංසා වගා කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස තණමල්විල ජනතාව කළ ඉල්ලීම සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසු බව ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා Colombo Gazette වෙත පැවසිය.

පසුගිය (30) වැනිදා මොණරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල, අලුත්වැව ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ, කුකුල්කටුව වැව ඉස්මත්තේ පැවති “ගම සමග පිළිසඳර” අට වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

තණමල්විලදී පැවති එම වැඩසටහනට සහභාගී වූ පුද්ගලයකු ඉල්ලා සිටියේ ලෝකයේ කංසා වලට ඇති තහනම පියවරෙන් පියවර ඉවත් කරමින් පවතින බවත් කංසා වගා කිරීම තුළින් දේශීය ආයුර්වේදයට මෙන්ම අපනයනය කර විදේශ විනිමය ලබා ගැනීමේ හැකියාවක් ඇති නිසා එය වගා කිරීමට අවසර ලබා දෙන ලෙසත් මෙහිදී ඉල්ලා තිබේ.

ආයුර්වේද දෙපාර්තමේන්තුව දැනටමත් කන්සා භාවිතා කරන බවත් ඒ නිසා රජය මැදිහත් වී එය විධිමත්ව වගා කිරීමට කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලීය.
මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී බළධාරීන් සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් තමා ද අලුතින් සිතිය යුතු බවත් ඒ සඳහා නව නීති රීති ගෙන ආ යුතු බවත්  ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා වැඩිදුරටත් පැවසිය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.