සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මියට එරෙහිව සමාජ මාධ්‍යවල පළ කරන ව්‍යාජ ප්රවෘත්ති සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කොරෝනා වෛරසය අසාදනය වීමෙන් රෝහල් ගත කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යවරියගේ මාධ්‍ය ඒකකය කියා සිටියේ රෝහලේ ඇති පහසුකම් පිළිබඳව පැමිණිලි කිරීමෙන් පසු ඇය ආපසු නිවසට පැමිණ ඇති බව පවසමින් ව්‍යාජ ප්රවෘත්ති සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන බවය.
අයිඩීඑච් රෝහලේ පහසුකම් දුර්වල බව පවසමින් ඇය හෙදියක් රැගෙන නිවසට ගිය බවට ද වාර්තා පළ වී තිබේ. කෙසේ වෙතත්, මාධ්‍ය ඒකකය පැවසුවේ ඇමතිවරිය අයිඩීඑච් රෝහලේ දිගටම ප්‍රතිකාර ලබන බවය.
ව්‍යාජ ප්රවෘත්ති සමාජ මාධ්‍යවල පැතිරවීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට අදාලව කටයුතු සිදු කරමින් තිබෙන බව මාධ්‍ය ඒකකය පවසයි.