පිසිආර් 15000 අධික සංඛ්‍යාවක්

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 864 දෙනෙකු හඳුනා ගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ආසාදිතයින් 362ක් වාර්තා වී ඇති අතර මේ දක්වා සොයා ගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 24,690කි.

එමෙන්ම ඊයේ දිනයේදී මෙරට සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 15, 628කි.

එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් 837 දෙනෙකු දේශීයව ද සෙසු 27 දෙනා විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි. සමස්තයක් වශයෙන් ගත් කළ ඊයේ දිනයේදී දිවයිනේ දිස්ත්‍රික්ක 22කින් ආසාදිතයින් වාර්තා වී ඇති අතර මුලතිව්, කිලිනොච්චිය සහ වව්නියාවෙන් පමණක් ආසාදිතයින් වාර්තා වී නොමැත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 17 දෙනෙකු සහ දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත.

ඊයේ දිනයේදී බොරැල්ල ප්‍රදේශයෙන් 30ක්, කොම්පඤ්ඤ විදිය ප්‍රදේශයෙන් 23ක්, හෝමාගම සහ කොට්ටාව යන ප්‍රදේශ වලින් ආසාදිතයින් 17 බැගින්ද, වැල්ලම්පිටිය 21ක්, නවගමුව 15ක්, හංවැල්ල තලංගම සහ මුල්ලේරියාව යන ප්‍රදේශවලින් ආසාදිතයින් 14 දෙනා බැගින්ද වාර්තා වී ඇත.

මිට අමතරව ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 88 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් 81ක් දෙනෙකු ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 66ක්, ගාල්ල 14ක්, අම්පාර 11ක්, මාතර 14ක්, නුවරඑළිය 28ක්, හම්බන්තොට 02ක්, කුරුණෑගල 39ක්, පොළොන්නරුව 04ක්, මාතලේ 33ක්, පුත්තලම සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලින් 01ක් ආසාදිතයා බැගින්ද, කෑගල්ල 12ක්, රත්නපුර 45ක්, අනුරාධපුර 14ක්, මන්නාරම 12ක්, බදුල්ල 04ක්, මොණරාගල 01ක්, යාපනය 03, ත්‍රිකුණාමලය 02ක් ලෙස ඊයේ දිනයේදී ආසාදිතයින් වාර්තා වී ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.