චීනයෙන් ආනයනය කළ දුම්රිය මැදිරි නිසා බරපතල අනතුරු ඇතිවිමේ අවධානමක් පවතින බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලෙක්ම් ඉන්දික දොඩංගොඩ සඳහන් කරයි.
අද (31) කොළඹදි පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව ප්‍රකාශ කළේය.
සමාන්‍යයෙන් දුම්රියක් දෙකඩ වුවහොත් හදිසි තිරිංග ක්‍රියාත්මක වි දුම්රිය නැවැත්විමක් සිදු වුවද චීනයෙන් ආනයනය කරන ලද දුම්රිය මැදිරි මෙලෙස නතර නොවි කිලෝමිටරයක පමණ දුරක් ඇදි යන බවද ඔහු සඳහන් කළේය.
මෙම චීන දුම්රිය මැදිරි නිසි පරිදි නඩත්තු කල යුතු බවත් එසේ කරනතුරු මෙම දුම්රිය මැදිරි ධාවනයට එක් නොකරන බවත් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලෙක්ම් ඉන්දික දොඩංගොඩ වැඩිදුරටත් පැවසීය