කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 25ක් ඉන්දියාවෙන් ඇනවුම් කෙරේ

ඇස්ට්‍රාසෙනිකා  කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 25ක් ඉන්දියාවෙන් ඇනවුම් කර ඇත. එම එන්නත් තොගය මසක් ඇතුළත මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇත.

කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් එම එන්නත් ඇණවුම් කර ඇති බවය.

එමෙන්ම තවත් එන්නත් මිලියන 3.5 ක් ඇණවුම් කිරීම සඳහා සැලසුම් කර ඇති බව විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මෙම ඇණවුම් දිවයිනට ලැබීමත් සමග වයස අවුරුදු 60 ට වැඩි ජනගහණයට එන්නත්කරණයට හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.