බටහිර ඔස්ට්‍රේලියානු කලාප ප්‍රධානී මාක් මැග්ගෝවන් විසින් බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් ඇතුළු ප්‍රදේශ 15ක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
පර්ත් හි පිහිටි හෝටලයක ආරක්ෂක නිලධාරියෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනයවීම හේතුවෙන් එම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද (31) පස්වරු 06.00 සිට ලබන සිකුරාදා දක්වා දින 05ක කාලයක් අදාළ නගර සම්පූර්ණයෙන් වසා දැමේ.