මෙවර IPL තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ලබන පෙබරවාරි 18 වන දින සිදුකිරීමට මේ වනවිට සැලසුම් කර තිබේ.
ඒ අනුව මෙවර IPL ක්‍රිකට් තරඟාවලිය ඉන්දියාව තුළම පැවැත්වීමට හැකියාව පවතින බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසයි.
කොවිඩ් -19 වසංගතය හේතුවෙන් පසුගිය වසරේ IPL තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වනු ලැබීය.
කෙසේවෙතත් මෙවර එම තරඟාවලිය ඉන්දියාව තුළ පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසා ඇත.