දෙහිවල,පින්නවල සහ රිදීගම සත්වෝද්‍යානහෙට සිට විවෘතයි

ඉන්දික ශ්‍රී අරවින්ද

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් දෙහිවල,පින්නවල සහ රිදිගම ඇතුළු සියළු ආයතන දෙස් විදෙස් සංචාරකයන් සදහා  කොන්දේසි සහිතව හෙට (01) සිට විවෘත කරන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

Covid වසංගත තත්වය නිසා මාස ගනනක් මෙම ආයතන වසා තිබීම හේතුවෙන් සංචාරක කර්මාන්තයේ යෙදුන දහස් ගණනක් ජීවත් වීමේ අසීරුතාවයට පත්වී ඇති බවද එමෙන්ම රටේ ආර්ථිකයටද විශාල ලෙස බලපා ඇති බැවින් මෙම ආයතන විවෘත කිරීමට රජය තීරණය කල බවයි අමාත්‍යවරයා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ.

දේශීය සංචාරකයන් හා විදේශීය සංචාරකයන් එකවර එම උද්‍යාන තුළට ඇතුළත් කර නොගන්නා අතර එය යම් යම් කණ්ඩායම් වන සේ ඇතුළත් කර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය වරයා පෙන්වාදෙයි.

සෞඛ්‍ය නිතිරීති වලට අනුව සංචාරකයන්ට සත්වෝද්‍යාන තුළට ඇතුල් කර ගන්නා අතර එහිදී සතුන් ඇල්ලීම සම්පූර්ණයෙන් තහනම් බවද සතුන්ට ආහාර දීමත් තහනම් වෙයි.

මෙහිදී එම උද්‍යාන තුළ සෞඛ්‍ය නීති තදින්ම ක්‍රියාත්මක කරන බවයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.