තනි භාවිත සහ කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම මාර්තු මස 31 වන දින සිට ක්‍රියාත්මක කරමින් ප්ලාස්ටික් නියාමනයට අදාළව අති විශේෂ ගැසට් පත්‍ර දෙකක් නිකුත් කර තිබේ.
ජාතික පාරිසරික පනතින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැවරී ඇති බලතල අනුව එම නියාමනයන් සිදුකර කර ඇති අතර ඒ අනුව, යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පාවිච්චි කරනු ලබන කෘෂිරසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා පොලිඑතිලීන් ටෙරප්තැලේට් (PET) හෝ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් (PVC) ද්‍රව්‍ය සඳහා එම තහනම ක්‍රියාත්මක කර තිබේ.
එමෙන්ම එක් එක් ප්ලාස්ටික් වර්ගය හඳුනාගැනීම සඳහා යෙදිය යුතු ජාත්‍යන්තරව භාවිත කරනු ලබන සංකේත ක්‍රමයක් හඳුන්වා දී තිබේ. ප්ලාස්ටික් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය පහසු කිරීම මඟින් පරිසර දුෂණය අවම කිරීම මෙහි අරමුණ වේ.
ඒ අනුව අදාළ ප්ලාස්ටික් මාර්තු මස 31 වන දිනට පසු නිෂ්පාදනය කරන සහ වෙළෙඳාම් කරන පුද්ගලයින්ට එරෙහිව ජාතික පාරිසරික පනතට අනුව නීතිමය ක්රිුයාමාර්ග ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.
යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පහත දක්වා ඇති නිශ්චිත ප්ලාස්ටික් අයිතම හැර සෙසු දෑ පාවිච්චි කිරීම තහනම්ය. මේ අතර අංක 2211/50 2021 ජනවාරි 21 වන දින දරන ගැසට් පත්‍රය මඟින් ඕනෑම ප්ලාස්ටික් නිෂ්පාදනයකට අදාළව එම නිෂ්පාදන සඳහා යොදාගත් ප්ලාස්ටික් වර්ගය සඳහන් කිරීම අනිවාර්ය කර ඇත.